උණුසුම් පුවත්දේශීය

21කට සුවයි – සුවය ලැබු සමස්තය 2317ක්

corona recover

අද (29) උදෑසන 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතිි අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2317ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර, ඊයේ දිනයේ දී හඳුනාගත් නව ආසාදිතයින් පස් දෙනා සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2810 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 482 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.