උණුසුම් පුවත්දේශීය

23වැනි කොවිඩ් මරණය වාර්තා වේ

මරණ

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 23වැනි කොවිඩ් -19 මරණය අද (03) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක් ඊයේ සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

එම කාන්තාව උණ, කැස්ස, උගුරේ ආසාදනය ආදී රෝග ලක්ෂණ වලින් පෙළී ඇති බව ට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වාර්තා වී තිබේ.

මරණයට ආසන්නම හේතුව ලෙස පෙනහළු ආසාදනය හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තාවන 23 වන කොවිඩ්-19 ආසාදිත රෝගියෙකුගේ මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි