උණුසුම් පුවත්දේශීය

30වැනි කොවිඩ‍ මරණය වාර්තා වේ

මරණ

මෙරට සිදුවී ඇති 30වැනි කොවිඩ් 19 මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ දින මියගොස් ඇති එම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකි.

මෙම මරණයට හේතුව ලෙස අදාළ රෝගියාට දියවැඩියා රෝගයේ සංකූලතා සමඟ කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.