උණුසුම් පුවත්දේශීය

කොරෝනා වැළඳී මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ.

කොරෝනා වැළඳී මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ

කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී ජීවිතක්ෂයට පත් වූ පළමු රෝගියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයේ සති දෙකකට වැඩි කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු දැඩි සත්කාර ඒකකයේ සිටියදී ඊයේ සවස මියගිය අතර 60 හැවිරිදි මාරවිල පදිංචිකරුවෙකු බවට හඳුනාගන්නා ලදි. වෘත්තියෙන් සංචාරක මගපෙන්වන්නෙකුවූ ඔහුට ජර්මානු සංචාරක කණ්ඩායමකින් රෝගය වැළඳී තිබුණි.

මෙම පුද්ගලයා දියවැඩියා රෝගියෙකු වූ අතර වකුගඩු බද්ධ කිරීමකටද ලක්ව ඇත.
විදේශයකින් ආනායනය කරන ලද බොඩි බෑග් එකක් තුළ දේහය රදවා පසුව එය මිනී පෙට්ටියක බහාලීමෙන් පසු රෝහලේ සිට දේහය ආදාහනාගාරයට රැගෙන ගොස් තිබේ. අනතුරුව අධිකරණ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ
දැඩි පොලිස් ආරක්ෂාව යටතේ මෘත දේහය කොටිකාවත්ත සුසාන භූමියේදී ආදාහනය කරන ලදී.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ නිරෝධායන රෙගුලාසී යටතේ ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරෙන බවයි.

Comment here