උණුසුම් පුවත්දේශීය

COVID19 මරණ 5ක් – ආසාදිතයින් 544 – 171කටත් සුවයි

Covid-19

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් COVID19 මරණ 5ක් සිදුව ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ කොළඹ 13 පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වශයෙනි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අකර කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 544 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම සියලු ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

තවද කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සම්පූර්ණ සුවය ලැබූ තවත් 171 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් වෛරසය වැළඳී මෙරටදී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 11,495ක් දක්වා ඉහළ ගොස් තිබේ.=

Comment here