උණුසුම් පුවත්ක්‍රීඩා

LPL අවසන් තරගයට ගාල්ල සහ යාපනය

LPL 2020 Final

එල්.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ග්ලැඩියේටර්ස් පිල සහ ජැෆ්නා ස්ටැලියන්ස් පිල අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අද (16) රාත්‍රි 7 ට ආරම්භ වනවා.

තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් එනම්, ලකුණු 327 ක් 67.65% ක සාමාන්‍යයක් සහිතව ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ ධනුෂ්ක ගුණතිලක විසින් ලබාගෙන ඇති අතර, වැඩිම කඩුලු සංඛ්‍යාවක් එනම්, කඩුලු 16 ක් ලබා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ වනිදු හසරංග සමත් වුණා.

විනිසුරු මඩුල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ලංකා ප්‍රිමියර්ලීග් විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස කුමාර ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ කටයුතු කරන අතර තරග තීරක වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන තරග තීරක රන්ජන් මඩුගල්ලේ ය.