උණුසුම් පුවත්දේශීය

අගමැතිගෙන් ජනතාවට ඉල්ලීමක්

Mahinda Rajapksha

කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීමට රජය ගන්නා සියලුම ක්‍රියාමර්ග සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද(07) සවස රටේ පවත්නා තත්ත්වය සහ අර්බුදය අවම කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම රජයට ආදායම් ලැබෙන සියලු මාර්ග අකර්මණ්‍ය වී තිබුණ ද කොරෝනා වෛරසයෙන් රට මුදා ගැනිමේ සටන කිසිවිටක අත්නොහරින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.

මේ අතර සියලු භේද සහ මතවාද පසෙකලා කොව්ඩ් 19 නැමැති පොදු සතුරා පරාජය කිරීමට සියලුම දෙනා රටත් ලෙස එක්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Comment here