ගොසිප්දේශීය

අද ඡායා චන්ද්‍රග්‍රහණයක්

අද ඡායා චන්ද්‍රග්‍රහණය

අද ඡායා චන්ද්‍රග්‍රහණයක් රාත්‍රි 11.15 ට ආරම්භ වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය.

චන්ද්‍රග්‍රහණය පසුදින අලුයම 2.34 වන තුරු දර්ශනය වේ.

ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවනුයේ, සූර්ය්‍යා, පෘථිවිය සහ චන්ද්‍රයා එක එල්ලේ සරළ රේඛාවක නොපිහිටා, අසම්පූර්ණ ලෙස පෙළ ගැසී ඇති විටකදීයි.

මෙම ඡායා චන්ද්‍රග්‍රහණයේදී පූර්ණ හෝ අර්ධ චන්ද්‍රග්‍රහණවලදී මෙන්, අදුරු සෙවනැල්ලකින් වැසී නොපෙනෙන නමුත්, චන්ද්‍රයාගේ දීප්තිය තරමක් අඩු වී දිස්වනු ඇති.

Comment here