ගොසිප්දේශීයවිදේශීය

ඉන්දියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101ක් දිවයිනට

ශ්‍රී ලාංකික සිසුන් 101ක් රැගත් විශේෂ යානය දිවයිනට

ඉන්දියාවේ අමිර්තසාර් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු රැගත් ‍ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.

ඉන්දියාවේ අධ්‍යයන කටයුතු සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙලෙස දිවයිනට රැගෙන එනු ලැබිණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1146 දරන ගුවන් යානයෙන් මෙම සිසු පිරිස අද(23) දින පස්වරු 2.26 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඔවුන් විෂබීජහරණය කිරීමෙන් පසුව , නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි.