දේශීය

2020 අප්‍රේල් මස 17 දින සඳහා කාලගුණ අනාවැකිය 2020 අප්‍රේල් මස 16 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

කාලගුණ අනාවැකිය

2020 අප්‍රේල් මස 17 දින සඳහා කාලගුණ අනාවැකිය 2020 අප්‍රේල් මස 16 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට (විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පලාත්වල) මි.මී. 50 වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින් හමා එයි.

සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

Comment here