උණුසුම් පුවත්දේශීය

කොරෝනා ආසාදිතයින් ගණන 271ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන

මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 271ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනයේ කොරෝනා වෛරසය ආසාදිත තහවුරු කළ රෝගීන් 17දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කරමින් සිටින පිරිසක් බව ප්‍රවෘත්ති දේපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර අද දිනය සුවය ලබා ගිය රෝගීන් සමඟ සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 96ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

Comment here