දේශීය

ජපාන ඖෂධය (අවිගන්) ලංකාවට.

ජපාන ඖෂධය (අවිගන්) ලංකාවට

කොවිඩ් නයින්ටීන් (COVID-19) වෛරසයේ සංකූලතා අවම කිරිම සඳහා භාවිතකළ හැකි බවට හදුනාගෙන ඇති ජපාන ඖෂධය සම්බන්ධයෙන් මෙරට විශේෂඥයින් පරික්ෂණ කටයුතු ආරම්භ කිරිමට නියමිතයි.

ජාතික ඖෂධ නියාමන කොමිෂන් සභාවේ මැදිහත්විමෙන් එම කටයුතු සිදු කෙරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.

ජපානයෙන් ඇණවුම් කළ අදාල ඖෂධ තොඟය ඊයේ (30) දිනයේ මෙරටට රැගෙනවිත් තිබේ.

කෙසේ වෙතත් අදාල ඖෂධය කොරෝනා ආසාදිත රෝගීන් සඳහා භාවිත කළහැකි ද යන්න පිළිබඳ තහවුරු කර ගෙන නොමැති අතර එය තවදුරටත් පරික්ෂණ මට්ටමේ පවතින බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

Comment here