උණුසුම් පුවත්දේශීය

නාවික හමුදාවේ සෙබළුන් 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

Breaking News

නාවික හමුදාවේ සෙබළුන් 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වී බවට මේ වන විට තහවුරු වී ඇතැයි යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

විශේෂ නිවේදනයක් කරමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික සෙබළෙක් නිවාඩු ගොස් සිටිය දී හදිසි රෝගී තත්ත්වයක් මත වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ(22) දිනයේ දී කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබුණි.

ඒ අනුව එම සෙබළා ‍සේවය කළ වැලිසර නාවික හමුදා කඳවුරේ භට නිවාසය වහාම නිරෝධායනයට ලක් කර තිබේ.

පළමු කොරෝනා ආසාදිත නාවික සෙබළා සිටි භට නිවාසයේ සියලු නාවික සෙබළුන් PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබු බවද යුද හමුදාපතිවරයා පවසයි.

එම ප්‍රතිඵල අනුව මේ වන විට පළමු කොරෝනා ආසාදිත නාවික සෙබළා ඇතුළු නාවික හමුදා සෙබළුන් 30 කට මේ වන විට කොරෝනා ආසාදනය වී තිබේ.