දේශීය

මහනුවර බූවැලිකඩ ගොඩනැගිල්ල කඩාවැටි : තිදෙනෙකු ජීවිතක්ෂයට.

මහනුවර ඛේදවාචකය

මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටි පස්මහල් හෝටලයක් යාබද නිවසක් මතට අද (20) අළුයම කඩාවැටි මාස එකහමාරක් පමණ වයසැති බිළිඳෙකුට සහ බිළිඳාගේ මව්පියන් දිවි අහිමි ඇත.

කඳුබෑවුමක පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක් වූ එම හෝටලය ඊට පහළින් පිහිටි නිවසක් මතට පතිත වී තිබේ.

අනතුරත් සමග පහළ නිවසේ සිටි පස්දෙනෙකු සුන්බුන්වලට යට වී ඇත. මෙලෙස අනතුරට ලක්වුණේ එම නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළක්, ඔවුන්ගේ මාස එකහමාරක් පමණ වයසැති බිළිඳා සහ තවත් කාන්තාවක් දෙදෙනෙකි. ඉන් කාන්තාවන් දෙදෙනා අනතුර සිදුවූ අවස්ථාවේම බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට හා පොලිස් නිලධාරීන්ට හැකිව තිබේ.

Comment here