මාලිගාවත්ත ප්රදේශයේ නිවසක් අසල මුදල් බෙදාදීමක් අතර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඉන් තවත් 09 දෙනෙක් තුවාල ලැබූහ.
කාන්තාවන් 7 දෙනෙකු හා පිරිමි දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කරන ලදී. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා වේ.