ගොසිප්දේශීය

මුම්බායි නුවර සිටි ශ්‍රී ලාංකික සිසුන් 163ක් රැගත් ගුවන් යානය දිවයිනට

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපල වසා දැමීමත් සමඟ ඉන්දියාවේ සිරවී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් අද පෙරවරුවේ මුම්බායි බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 143 දරණ ගුවන් යානය අද උදෑසන 09.10ට ඉන්දියාවේ මුම්බායි වෙත පිටත්ව ගිය අතර අද පස්වරු 2.25ට එම විශේෂ ගුවන් යානය ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලාංකික සිසුන් 163 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මේ අතර මෙම සියලු ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට පැමිණිමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට නියමිතයි.