උණුසුම් පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 217ක් දක්වා ඉහළට

New patients - Sri Lanka

මෙරට තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් සිව් දෙනෙක් අද දින වාර්තා වී ඇත.

මෙම රෝගීන් සිව් දෙනාම පූනානි නිරෝ‍ධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට ලංකාවේ ‍සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වු පිරිස 217ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර පුද්ගලයින් 56 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද‍ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට වෛරසය ආසාදනය වී පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රෝගීන් 154 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Comment here