දේශීය

11 වන රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය බත්තරමුල්ල දී පැවැත්වවිය.

රණවිරු අනුස්මරණ

රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කළ 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු අනුස්මරණ ස්මාරකය අසල දී පැවැත්වවිය.

ත්‍රස්තවාදය පරදවා වසර 11ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විරෝදාර රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිළිගන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උළෙල අභිමානවත්ව පැවැත්විණි.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු පිරිස රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර ගුවනින් පුෂ්පෝපහාර දැක්වීම ද සිදු විය.

සියම් නිකායේ මල්වතු, අස්ගිරි දෙපාර්ශ්වය ඇතුළු ත්‍රෛනිකාය නියෝජනය කරමින් මහා සංඝරත්නය, කාදිනල් හිමිපාණන් හා සෙසු ආගමික පූජකයන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කැබිනට් අමාත්‍යවරු, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු, හිටපු නාවික සහ ගුවන් හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානි ඇතුළු රණවිරුවෝ සහ රණවිරුවන් දෙමාපියෝ, බිරින්දෑවරු සහ දූදරුවෝ උත්සවයට එක්ව සිටියහ.

සමස්ත සැමරුම් උළෙල සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් පිළිපදිමින් සිදු කරනු ලැබීය.