දේශීය

ශිෂ්‍යත්ව විභාගය හෙට (11) පැවැත්වීමට නියමිතව තිබේ

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (11) පැවැත්වීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින සිසුන්ට විභාගයට පෙනි සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේය.

Comment here