හෙට(24) සහ අනිද්දා(25) දෙදින තුළ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්රියාත්මක වෙයි.
පොලසිය පැවසුවේ ඇඳිරි නීතිය ක්රියාත්මකවන දින දෙක තුළ දිවයින පුරා මාර්ග බාධක 900ක් යෙදවිමට කටයුතු කරන බවයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්රියාත්මකව පවතින අතර හෙට සහ අනිද්දා දෙදින තුළ දිවයින පුරා ඇඳිරි නීතිය ක්රියාත්මක කෙරෙයි.
කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්රික්කවලට අද රාත්රී 8 සිට බලාත්මක වන ඇඳිරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ එළැඹෙන මැයි 26 අඟහරුවාදා අලුයම 5 ටයි.
එතැන් සිට එම දිස්ත්රික්ක 23 හි ඇඳිරි නීතිය ක්රියාත්මක වන්නේ දිනපතා රාත්රී 8 සිට අලුයම 5 දක්වා පමණයි.