දේශීයවිශේෂාංග

152 වන පොලිස් දිනය අදයි.

වර්ෂ 1866 ක්වූ සැප්තැම්බර් මස 03 වන දින, විධිමත්ව නෛතික රාමුවක් තුල ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පොලිසිය, 152 වන පොලිස් දිනය අද ඉතා අභිමානවත්ව සමරනු ලබයි. අධිරාජ්‍යවාදී යුගයෙන් සංග්‍රාමික යුගයකට පැමිණි ශ්‍රී ලංකා පොලිසිය වර්ථමානයේදී ප්‍රජා පොලිස් යුගයකට අවතීර්ණ වී සිටියි. 34 වන පොලිස්පති වශයෙන් පූජිත් ජයසුන්දර මහතා වර්ථමානයේදී ශ්‍රී ලංකා පොලිසිය මෙහෙයවනු ලබයි.

“නොනිමි මෙහෙවරක අභිමානය” තේමා පාඨය පෙරදැරි කරගත් 152 වන පොලිස් දිනයේ ප්‍රධාන උත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින පස්වරු 2.30 සිට බම්බලපිටිය, පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඉදිරිපත් කරන පැරෂුට් සංදර්ශනයක් ඇතුළු සංදර්ශන රැසක් නරඹමින් පොලිස් දිනයේ අභිමානය විඳ ගැනීමට, බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයට සපැමිනෙන ලෙසට මහජනතාවට ආරාධනයක්ද කරනු ලබයි.