දේශීය

2020 අප්‍රේල් මස 19 දින සඳහා කාලගුණ අනාවැකිය 2020 අප්‍රේල්මස 18 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

කාලගුණ අනාවැකිය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහඋතුරු මැද පළාත්වලත් මන්නාරමසහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලටමි.මී.50 වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

දිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මන්නාරම සිට පුත්තලම, කොළඹසහගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින් හමා එයි.

සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

Comment here