ක්‍රීඩාදේශීය

කොදෙව් සංචාරය අත්හිටුවයි – ශ්‍රී ලංකා ක්‍රිකට්

Sri Lanka vs England

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි 20 වනදා බටහිර ඉන්දීය කොදෙව් බලා යෑමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ළහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුව සිටී.

මේ අතර පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකුගේ විවාහ උත්සවය ට ළහිරු තිරිමාන්න සහභාගී වී තිබේ.

ඊට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් එක්වී ඇති අතර ඔවුන්ට ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ද මේ වනවිට නතරකර ඇති බැවින් කොදෙව් ක්‍රිකට් සංචාරය ගැන තීරණයක් ගැනීමට එයද බලපා ඇති බව වාර්තා විය.

ක්‍රිකට් පුහුණුවීම් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පැවසීය.