දේශීයවිදේශීයව්‍යාපාරික

පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට අත දෙන්න චීනය සූදානම්

ආර්ථික පුනරුදයට අත දෙන්න චීනය සූදානම්

“ශ්‍රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගු කාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ දුන් විට ඔබ අප සමග සිටියා. කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය දෙන්න චීනය සූදානම්”,ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා 29 දින සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ පැවසීය.

ජනාධිපතිතුමා සමග සුහද සාකච්ඡාවක නිරත වූ වැඩබලන තානාපතිවරයා චීන කියමනක් උපුටා දක්වමින් “සැබෑ මිත්‍රත්වය සැපතේදීත්, විපතේදීත් එකට සිටීමයි” සඳහන් කළේය. ශ්‍රී ලංකාව තම රට අරබයා අනුගමනය කළ එකී පිළිවෙත ගැන තම රජයත්, ජනතාවත් කෘතඥවන බව ඔහු පැවසීය. එබැවින් ශ්‍රී ලංකාවේ අනාගත අභියෝග ජය ගැනීම සඳහා උපකාර කිරීම චීනයේ අපේක්ෂාව බව වෙයි මහතා අවධාරණය කළේය. පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීමට චීන මධ්‍යම ආණ්ඩුවේ සහයෝගය මෙන්ම එරට ප්‍රධාන පෙළේ සමාගම් සහ බැංකුවල ද සහභාගීත්වය ලැබෙනු ඇතැයි හූ වෙයි මහතා සඳහන් කළේය.

“අපේ එකම අපේක්ෂාව ණය හෝ මූල්‍යාධාර ලබා ගැනීම නොවේ. නිෂ්පාදන වර්ධනයට දායක වන අයුරින් ආයෝජන ගෙන්වා ගැනීම ප්‍රධාන ඉලක්කයක්. කෘෂිකාර්මික නිෂ්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය වැනි අංශ ගණනාවක විදේශ ආයෝජනයට හිතකර ඉඩ ප්‍රස්ථා බහුලයි. ඉන් ප්‍රයෝජන ගන්නා ලෙස චීනය ඇතුළු රටවලට ආරාධනා කරනවා”, ජනාධිපතිතුමා සඳහන් කළේය.

Comment here