විදේශීය

බ්‍රිතාන්‍ය අගමැති රෝහල් ගතව, දැඩි සත්කාර ඒකකයේ..

බොරිස් ජොන්සන් (Boris Johnson)

එංගලන්තයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්  (Boris Johnson) මහතා කොරෝනා වෛරසය වැලදීමෙන් අසාධ්‍යව ලන්ඩනයේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.

කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් දින 10කට පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉරිදා (අප්‍රේල් 06) රෝහල් ගත කෙරුණු බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.

ඔහු ලන්ඩන්හි රෝහලක් වෙත රැගෙන යනු ලැබ ඇත්තේ, ශරීර උෂ්ණත්වය ඇතුළු “පහ නොවන රෝග ලක්ෂණ” තිබියදීය.

අගමැතිවරයාට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි “පූර්වාරක්ෂක ක්‍රියාමාර්ගයක්” වශයෙන් එවැනි පියවරක් ගත් බව පැවසේ.

55 හැවිරිදි බොරිස් ජොන්සන් රාත්‍රිය පුරා “දෛනික පරීක්ෂණ” මාලාවකට ලක් කෙරුණු බව වාර්තා විය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, “ඔහුගේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍යවරයා පරීක්ෂණ සදහා රෝහල්ගත කළ,” බවය.