ගොසිප්විදේශීය

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අමෙරිකානු අරමුදල් නවතා දමන්නැයි ට්‍රම්ප්ගෙන් උපදෙස්

ලෝක සෞඛ්‍ය සංවිධානය

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අමෙරිකානු අරමුදල් නවතා දමන්නැයි එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනාධිකාරියට උපදෙස් දී තිබේ.

ඒ, ගත වූ පැය 24 තුළ අමෙරිකාවේ කොරෝනා මරණ 2284 ක් වාර්තා වන පසුබිමකදී ය.

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 වෛරසය ව්‍යාප්තියේදී මුලික රාජකාරී කිරීමටද අසමත් වූ බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බව ජනපති ට්‍රම්ප් පෙන්වා දෙන්නේය.

මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහ නව ලක්ෂ අනු හත් දහස් හයසිය හැට හයක් වාර්තා වේ.

ඒ අතරින් පුද්ගලයින් එක් ලක්ෂ විසි හය දහස් පන්සිය අනූ හතක් මිය ගියේ ය.

සුවය ලැබු සංඛ්‍යාව හාර ලක්ෂ හැත්තෑ අට දහස් පන්සිය තුනකි.